amp templates
Home  >  [Technical Corner]  >  New Technology 

හෙට ලොව හැඩ වැඩ

2020 නිසාන් Leaf මෝටර් රථය 

නිසාන් Leaf 2019 (LEAF ZE1) මෝටර් රථය විශාල වෙනස් කම් රාශියක් සමගින් වෙළඳපලට නිකුත් වී ඇත.
2017 ඔක්තෝබර් 2 දින සිට මිලදී ගැනීම් සඳහා ජපාන වෙළඳපල වෙත නිකුත් කරන මෙම මෝටර් රථය 2018 ජනවාරි මස සිට ඇමරිකා, කැනඩා සහ යුරෝපා රට වලට යවා ඇත. 
2017 සැප්තැම්බර් 6 වැනි දින ජපාන වෙළඳපල වෙත එළි දැක්වූ මෙම මෝටර් රථය සම්මත තත්වයන් මත කිලෝමීටර් 400 ධාවන කාලයකින් යුක්ත වන අතර ඉලෙක්ට්‍රික් මොටරයේ උපරිම බලය 110 kw වේ. උපරිම ව්‍යාවර්තය 320 Nm වන අතර සාමාන්‍ය ආරෝපණය කිරීමකදී 3 kw මගින් ආරෝපණය කිරීමට පැය 16 ගත වන අතර 6 kw මගින් ආරෝපණය කිරීමට පැය 8 ගතවේ. අධි ආරෝපණය එසේත් නැතහොත් ඉක්මන් ආරෝපණය කිරීම විනාඩි 40 කදී සිදු කල හැක.
ලිතියම් අයන් බැටරිය (Li-ion battery) 40Kwh ධාරිතාවයකින් යුක්ත වේ.
පෙර මාදිලිය මෙන්ම ජංගම දුරකථනය මගින් රථයේ තත්වයන් නිරීක්ෂණය කල හැකි අතර පෙර මාදිලියට වඩා වැඩි පහසුකම්ද අන්තර්ගතව ඇත.  

සුසුකි Wagon - R මෝටර් රථය 

රථයේ හයිබ්‍රිඩ් ක්‍රියාකාරීත්වයට දායක වන උපාංග
• සාමාන්‍ය ලෙඩ ඇසිඩ් බැටරිය
• ලිතියම් අයන් බැටරිය
• ISG – Intragated motor Genarator (මෝටර් ජෙනරේටර්)
• උපාංග එකිනෙක සම්බන්ධ වන අධි වෝල්ටීයතා වයර

ISG – Intragated Motor Genarator (මෝටර් ජෙනරේටර්)
සාමාන්‍ය රථයක බැටරිය ආරෝපණය කරන Alternator නැමති උපාංගය වෙනුවට එම ස්ථානයේ සවිව ඇත.
මෙයට බැටරිය ආරෝපණය කිරීමට අමතරව මෝටරයක් ලෙස ක්‍රියාකිරීමටද හැකියාව ඇති නිසා මෝටර් ජෙනරේටර් නමින් හදුන්වයි.


ලිතියම් අයන් බැටරිය


රථයේ හයිබ්‍රිඩ් ක්‍රියාකාරීත්වය සඳහා ISG උපාංගයෙන් ලැබෙන විදුලි ශක්තිය ගබඩා වන්නේ මෙම බැටරියේ වන අතර මෙය ඉදිරි පෙළ මගී ආසනය යට සවිව ඇත.  

සාමාන්‍ය ලෙඩ ඇසිඩ් බැටරිය

රථය සිය ප්‍රථම පනගැන්වීම (රියදුරු තම යතුරෙන් රථය පණගැන්වීම) සිදු කිරීමට සාමාන්‍ය ස්ටාර්ට් මොටරයට බලය ලබා දීමත් අවශ්‍ය අවස්ථාවල විදුලි උපාංග වලට බලය ලබා දීම සහ අවශ්‍ය අවස්ථාවල ISG කැරකව්ම සිදු කරයි.

හයිබ්‍රිඩ් ක්‍රියාකාරිත්වය

රථයේ එන්ජිම ක්‍රියා කරන අතරතුරම ලිතියම් අයන් බැටරිය මගින් ISG උපාංගයද මෝටරයක් ලෙස කරකවා එන්ජිමේ බලය වැඩි කිරීමට දායක වේ. මෙය ඉන්ධන ඉතිරි කිරීමට දායක වේ. ISG උපාංගය බෙල්ට් එක මගින් එන්ජිමට සම්භන්දව ඇති නිසා එන්ජිම සමග එම දිශාවටම ISG උපාංගයද කැරකි මෙම අමතර බලය ලබා දේ.

රථයේ වේගය පැ.කි. 15 හෝ 13 වඩා අඩුවන විට (රියදුරු රථය නතරකිරීමට සූදානම් වන විට) එන්ජිම ස්වයංක්‍රියව නවතී. රථවාහන තදබද වැනි අවස්ථාවල මෙය නොකඩවා ක්‍රියාකිරීම මගින් ඉන්ධන ඉතිරි වේ. Idle Stop නමින් හඳුන්වන්නේ මෙයයි. කෙසේ උවද මෙම රථයට සාමාන්‍ය රථයක මෙන් ස්ටාර්ට් මෝටරයක්ද සවිව ඇත. රථය සිය ප්‍රථම පනගැන්වීම සිදු කරන්නේ එම සාමාන්‍ය ස්ටාර්ට් මෝටරය ආධාරයෙනි. Idle Stop අවස්ථාවේ තිබුණු රථයක් රියදුරු ගමන් ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේදී නැවත රියදුරුට නොදැනෙන ලෙස ස්වයංක්‍රියව පණගැන්වේ. ඒ සඳහා සාමාන්‍ය බැටරිය මගින් බලය ලබාගෙන ISG උපාංගය විසින් එන්ජිම කරකවා පණගන්වනු ලබයි.

එසේ පණගැන්වීමෙන් පසුව රථය ගමන් ආරම්භ කරන විටත් ධාවනය වන විටත් නැවතත් ලිතියම් බැටරිය මගින් බලය ලබාගෙන තව දුරටත් ISG උපාංගයද එන්ජිම සමග කරකවා එන්ජිමේ බලය වැඩි කිරීමට දායක වේ.

රියදුරු තිරිංග තද කරන විට හෝ ත්වරණ පාදිකය (Accelerator paddle) තද නොකර රථය ධාවනය වන විට (Regenerative) ISG උපාංගය මගින් ලිතියම් අයන් බැටරිය සහ සාමාන්‍ය බැටරිය යන දෙකම නැවත ආරෝපණය කරනු ලබයි. 

Disclaimer

This Webpage is continued for your personal appreciation or educational conscient purposes only. All Content of this webpage is published by extracting the information from online sources such as government official websites and other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our website does not assume any responsibility.